පොරක්
කියන්නේ කවුද?
සරලවම
කිව්වොත් යම් දෙයකට විශේෂ හැකියාවක් ඇති අයෙක්. ඒ කියන්නේ මනා නිපුණතාවයක් ඇති
අයෙකුට ඒ දෙය සම්බන්ධව පොරක් කියල කියනවා. උදාහරනයක් විදියට ඉස්තම් විදියට උයන්න
පුළුවන් කෙනෙක්ට කුක් පොරක් කියලා කියනවා. දක්ෂ විදියට ක්‍රීඩා කරන්න පුළුවන්
කෙනෙකු ඒ ක්‍රීඩාවේ පොරක් වෙනවා. හරියට කොලි, රොනාල්ඩෝ, බොල්ට් වගේ. ඒ වගේම තමයි
කරන කරන වැඩේ අල කරගන්න, හත්පොලේ ගා ගන්න ඩයල් වලටත්, යන යන තැන චාටර් වෙන
උදවියටත් පොරක් කියලා කියනවා.
තව
කට්ටියක් ඉන්නවා, වැඩ නෑ සද්දේ විතරයි “මං නං එහෙම
නෑ.. මං ඒව්වා කොරේ මෙහෙමයි. “ වගේ වදන් තමයි අතහරින්නේ. මෙව්වට කියන්නේ “පොර ටොක්” කියල.
අපි අතර වැඩිපුර ඉන්නේ මෙන්න මේ වගේ ඩයල් තමයි. උදේ ඉදන් රෑ වෙනකං පොර ටෝක් ම
තමයි.
දැං
අපේ සිංහල බ්ලොග් මේව්වා එකෙත් එක එක ජාතියේ පොරවල් ඉන්නවා. සමහරු හිතන් ඉන්නවා තමන්
තමයි පොර කියලා. තවත් සමහරු හිතන්ඉන්න වා “නෑ..මං
පොරක් නෙවෙයි” කියලා,
හැබැයි වටේ පිටේ ඉන්න අය මේ අයට පොරක් කියලා කියනවා. මේ දෙපාර්ෂවයටම වැටෙන් නැති
පොරවල් ටිකකුත් ඉන්නවා.
බ්ලොග්
ලෝකේ පොරවල් ගැන කථා කරනකොට එක්තරා විදියක පොරක් තමයි W3Lanka ලියන පැරකුම් ජයසිංහ එහෙම නැතිව තේරෙන භාෂාවෙන්
කිව්වොත් පැරා. මොහුගේ තියන විශේෂත්වය තමයි රටේ සිදුවෙන ඕනෑම දෙයක් තමන් දරන මතයට
අනුව දකින එක. උදාහරන ඕන තරම්..
තව
කෙනෙක් ඉන්නවා එයාට කියන්නේ කතන්දර කියල බ්ලොග් ලියන ගොඩක් දෙනෙක් මෙයාව පොරක්
කියල තමයි කියන්නේ හරියටම අවුරුදු පහක් කක්කා, පඩ, චූ ගැන කතන්දර 1033ක් ලියලා,
පුක යනු කුණුහරුපයක් නොවන වග සමස්ථ සමාජයටම පසක් කරලා. පොරක් විදියටම බ්ලොග්
ලෝකෙන් සමුගත්ත ඩයල් එකක්. හැබැයි ජන්මේට වඩා පුරුද්ද ලොකු මේ කතන්දර, කතන්දර නම
අත ඇරලා ආයෙත් රසිකලොජි කියන නමෙන් ලියන්න පටන් ගන්නවා.
තව
යෝදයෙක් ඉන්නවා මාතලන් කියල මේ යකා මොනව හරි සිද්දියක් උනාම මෙලෝ විචාරයක් නැතුව
බැනගෙන බැනගෙන යනවා හරියට හැන්දෑවට දෙකක් දාගෙන සරම කරට අරන් වටේටම ගේම කෝල් කරන
හංදියේ ඩයල් එකක් වගේ. හොදම උදාහරනේ තමයි මෙන්න මේ පෝසට් එක. අනික් එක තමයි මේ
යකාට කේන්ති ගියාම ලියැවෙන වදන් බලන් ඉන්න ආසයි.. තව දෙයක් මොනවා ලිව්වත් මේ යෝදයා
අලුතින් බ්ලොග් ලියන උන්ට දෙන්නෙ හෙනම සප් එකක්. ඒකේ දෙකක් නෑ. ඒ හේතුව හින්දම කොහේවත්
ඉන්න ඇනෝලත් එක්ක අම්බානක ගොරි දාගත්ත වෙලාවලුත් තියනවා.
තවකෙනෙක්
ඉන්නවා රාජ් කියල මේ යෝදයට කියන්නේ රාජ්‍ය සේවයේ ප්‍රතිමූර්තිය කියලා. මිනිහගේ
අනික් ලිපි කොහොම උනත් දේශපාල ලිපිනං බොහොම හොදට කිරල මැනල බැලන්ස් කරල තාර්කිකව
ලියල තියනවා. වෙන කවුරුවත් මෙයාට පොරක් කියලා කියන්නේ නෑ මෙයාට පොරක් කියලා
කියන්නේ ඇනෝලා විතරයි.
මේ
ඉන්න අය අතරේ හිටියා තමන් පොරක් කියලා අම්බානක සද්දේ දාගත්ත පොරවල් දෙකක්.
එක්කෙනෙක් සයිලන් සහන්, අනිකා විශ්ව රංගනාත් මේ දෙන්නා බොහෝම සරල ප්‍රශ්නෙකට හරියට
ආච්චිගේ වයස වගේ ප්‍රශ්නවලට. කුලල් කාගෙන කාගෙන ගිහිල්ලා, හත්පොලේ ගාගෙන මේකෙන්
සමුගත්තා. සමුගත්තා කිව්වට සමුගන්න සිද්දඋනා. මේ දෙන්නට කුලල් කාගන්න වේදිකාව හදල
දුන්නේ අර අභීත එදිරිසිංගේ ණය පොල්ලකට අහුඋනු ඉන්දික උපශාන්ත. හැබැයි මේ පොර නං
ජාමේ බේරගෙන තාමත් බ්ලොග් ලෝකේ කරක් ගහනවා.
බ්ලොග්
ලියන පොරවල් අතර බොහොම සාධාරණ පොරක් තමයි අරූ කියන්නේ මෑන් කාටවත් කිසිම කරදරයක්
කතන්දරයක් නැතිව ඉතිහාස කථාවක් ලියාගෙන ඉන්නවා. තව කෙනෙක් තමයි හැලපෙ කියන්නේ
හැබැයි අර බට්ටිගේ සීන් එකේදි පොලිස් කාරයගේ පැත්තෙන් බලන්න ගිහිං මේ හැලපයා
තමන්ගේ පතිවත කෙලෙස ගත්තා.
මේ
දවස් වල කට්ටිය පොරක් කියලා කියන්නේ බස්සිට මං හිතන්නේ මේ යෝදි දන්න නොදන්න ඕන මගුලක්
ගැන ලියන හින්ද වෙන්න ඇති. හැබැයි තවත් කට්ටියක් කියන්නේ බ්ලොග් කාරිණියන් අතර පොර
සොඳුරු සිත කියල.
අමතක
උනා නැගීඑන බුවෙක් ඉන්නවා මහා කළු සිංහලයා කියලා. මේ යෝදයා කෙස් ගහක උනත් එල්ලි
එල්ලි වලි දාගන්න හරිම දක්ෂයා. හැබැයි ඉතිං ගොඩක් තැන් වල නාගන්නවා. තව දෙයක් සමහර ඇනෝලනං හිතං ඉන්නේ ඔය ඒවුං විතර පොරවල් මුලු සක්වලේම නෑ කියලා. මේ අතර සිංදු ලියන, ආතල් දෙන, යාලුවෝ මැරෙන. ලොරි විකුණන ඇනෝලත් ඉන්නවා.
දැං
මෙතැන කියවිච්ච නැති පොරවල් වලට දුක ඇති උං පොරවල් නෙවෙයි කියලා. මං කියන්නේ මේ
බ්ලොග් ලොකේ එහෙම පොරවල් නෑ.. මේ ලියන ඔසාමාත් පොරක් නෙවෙයි. හැබැයි හැම එකෙක්ම
මොනව හරි පැත්තකින් ගත්තම විෂේශ පුද්ගලයෝ..
හැබැයි
මේ වෙලාවේ පොරක් ඕන කරල තියනවා.
මොකටද ??
මහින්දව
පරද්දන්න.
කරු
ආවේ නැතොත් අපි නෑ....... රනිල් නැත්නං අපිට බෑ.........
ගොඨාභය
එක්ක කථා කරාට පස්සේ සොබිත හාංදුරුවෝ හොස්පිටල් ඇඩිමිට්. මෙව්වා කොරලා කියලා
මහින්දව පරද්දන බෑ.. ඒකෙන් වෙන්නේ මහින්ද තවත් පොර වෙනඑක..
ඔන්න
ඔය වෙලාවට තමයි ඔක්කොම ඉන්න තැනකට අතඅරින්න හිතෙන්නේ
බොම්බයක්.....!!!!.
ඕකට හරියනම පෝස්ට් එකක් අද මම දැක්ක හිටුටිකක් මතක් කරනකං
ReplyDeleteආ......
මේ තියෙන්නෙ
මෙන්න ඒක...
http://pinchpoints.blogspot.com/2014/11/who-wants-to-be-executive-president.html
මේං තවත් එකක් අදම කියවපු...
http://bitternight.blogspot.com/2014/11/blog-post_17.html
ඕන්නං මේකත් කියෝපං....
http://madurangacreations.blogspot.com/2014/11/blog-post_18.html
ඒක නං උඩ දෙකට කිසිම සම්බන්ධයක් නෑ...
මේ ඇති
මං ගියා...
ටටා
අහ් අමතක වුණා...
පොර කතාවෙ දෙවනි ඡේදෙ නං පට්ටම පට්ට ඇත්ත
හැබැයි මට මේකෙ පොඩි අඩුවකුත් දැනුන නෑ කියන්න බැ... වනිතා හඩ ඇන්ටි ගැන ලියල නෑ නෙව අස්පට් අප්ප..
හිහි.....................
ජයවේවා
අහ් අමතක වුණෙ
Deleteතොගෙ අකුරු නං මෙලෝම රහකට නෑ කෑලි හලන්නැතිව ලිය හරියට..
((ඔය කීවට මාත් ඒමයි බං))
// ඔන්න ඔය වෙලාවට තමයි ඔක්කොම ඉන්න තැනකට අතඅරින්න හිතෙන්නේ බොම්බයක්.....!!!!.//
ReplyDeleteමොනා නැතත් ඒ කතාව නම් ඇත්ත. ජය...!!!
තමා පොරයැයි සිතුවෝ
ReplyDeleteපොරවෙන්න ජව්සං කෙළියෝ
මොනරු මෙන් පිල් විදහ නැටුවෝ
කැරකි කැරකී පුක ලොවට පෑවෝ
මචං අපිනම් අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටිකක්.. අපි නෑනේ ඔ්වාට........... දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ජීවත් වෙනවා........
ReplyDeleteHikz
ReplyDeleteපට්ට යැ. පළවෙනි එකෙන්ම හොඳ බෝම්බයක් අතෑරල..
ReplyDelete//තව දෙයක් මොනවා ලිව්වත් මේ යෝදයා අලුතින් බ්ලොග් ලියන උන්ට දෙන්නෙ හෙනම සප් එකක්. ඒකේ දෙකක් නෑ.//
මෙතෙන්ට කැම්පස් සින්ඩියෙ ලින්ක් එක දාපු විදිහත් පට්ට ක්‍රියේටිව්.. :D
මාත් පොරක් බ්‍රා වල...
ReplyDeleteඑල ද බ්‍රා
උඹට වගේම මටත් මම පොරක් (පොරයක්) තමා ඔසාමෝ.
ReplyDeleteඔය ඇරලා තියෙන්නේ ඔසාමාගේ "බෝම්බ"...
ReplyDeleteහරි "පොර " හොයාගත්තොත් ඉතින් රටම ගොඩ...
උඹ බ්ලොග් වල පොර වල් කියල හඳුන්වා දීපු උන් නම් ඇත්තටම පොරවල් තමයි.
උන් හින්ද තමයි අපි ටත් බ්ලොග් ලෝකේ සැරිසරන්න ආස හිතෙන්නේ...
ෙහක් ෙහක් !!!
ReplyDeleteජ යායේකවා !!
දැන්මම බෝම්බෙ දාන්න පොරක් හොයාගන්න වෙනාව. නැත්තම් දැන් ඉන්න පොර (හිතන් ඉන්න) අපට කොරවෙන්න දෙයි.
ReplyDeleteඇයි...ඇයි... අපි ඔටුවොද?
ReplyDeleteහිස් අහසේ සදරෑ
ReplyDelete[කමිං කලර් නෝ ගුඩ් ද කියලත් හිතෙනව ලිවිල්ල දැක්කම]
ReplyDeleteඇත්තටම පොරක් ඕනවෙලා තියනව මේ වෙලාවෙ. වැඩේ කියන්නෙ එන්න ඉන්න පොරට[මූනවත් දැක්කෙ නැතිවුනාට] දැං ඉන්න පොර බයවෙලා වගේ. මේ වෙනකොටත් තීරණයක් නෑ දැන'ම තරගෙ තියනවද නැත්තං තව අවුරුදු දෙකක් ඉන්නවද කියල.
මට මතක් වෙන්නෙ ආණ්ඩුවෙ බුවාල අහපු හැටි "කෝ පොදු අපේක්ෂකය" කියල. දැං අපි අහනව "කෝ ජනාධිපතිවරණෙ" කියල.
මේ වාහේ කොහේ මකබෑවිලාද?
ReplyDeleteඅඩෝ, පෝස්ට් එක දාලා දවස් තුනක් පේ වෙනවද?
බෝම්බ ඔසාමට එන්ඩ කියාපිය
මේවට උත්තර දෙන්ඩ කියාපිය
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteමගෙ බෝම්බෙ පතුවෙනකොට ඔන්න පොරක් හම්බෙලා.. හිකිස්..
ReplyDeleteඑයාට කියන්නේ කතන්දර කියල බ්ලොග් ලියන ගොඩක් දෙනෙක් මෙයාව පොරක් කියල තමයි කියන්නේ හරියටම අවුරුදු පහක් කක්කා, පඩ, චූ ගැන කතන්දර 1033ක් ලියලා,
ReplyDeleteකතන්දර බ්ලොගයේ ඇති පෝස්ට අතර ඔබ කියා ඇති "කක්කා, පඩ, චූ ගැන කතන්දර ඇත්තේ 1% පමණකි". ගනං බැරිද, නැත්තම් හිතාමතාම වැරුද්දුවාද?
කකා.
Delete(කකා ඔය කතාව කියනව කිහිප තැනකම දැක්කා
චූ, පඩ, කක්ක... ලේබලේ වදින්න හේතුව ඒ කතා සංක්යාව නෙවෙ. සංක්යාත්මක බව අමතක කරන්න. කකා තමයි මුලින්ම ඔය දේවල් ලිව්වෙ. "පුරෝගාමිය'' වෙන්නෙ එහෙමයි.
ඔසා.....උඹලා ඉතින් අපිවත් පොරවල් කරලානේ. පොර කන්නේ නැතිව ඉන්න එකත් පොර ලක්ෂනයක්ද කොහෙද ඔසා. ඉස්සරහට නම් හොඳ හොඳ පොරවල් හොඳට පොරකයි වේදිකාවේ.
ReplyDeleteමං පොර ලියන්නේ අරූට මූට ඕන දේවල් නොවේ Aru ට හිතෙන ඒවා නිසා ගානක් නැහැ.
පොර සහ පොරත්වය
ReplyDeleteඅද ඇත මේ හතර අත.....
අනේ මන්දා අපි අපි කෙළේ ගන්නේ..විවේචනය කර ගන්නේ නැතුව බ්ලොග් ලෝකේ ඉමුකො......
ReplyDelete